ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය තුළ ඉකුත් 4 වැනි දා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයකු සැකපිට ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඳුබොඩ දෙල්ගොඩ ප්රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 4 යි මිලි ග්රෑම් 520 ක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.