Colombo Today Local News

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්..අවම දඩය ලක්ෂ 5යි

නියම කරන ලද උපරිම සිල්ලර මිලට බිත්තර අලෙවි නොකරන සියලුම වෙළෙඳුන්ට එරෙහිව අද (22 වැනිදා) සිට නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පවසයි.

වැඩි මිලට බිත්තර වික්කොත් අවම දඩය රුපියල් ලක්ෂයක් වන අතර උපරිම දඩය රුපියල් ලක්ෂ පහකි.

එමෙන්ම පුද්ගලික සමාගමක් නම් අවම දඩය රුපියල් ලක්ෂ පහක් වන අතර උපරිම දඩය ලක්ෂ 50ක්ද වශයෙන් හෝ මාස හයක සිරදඬුවමකට යටත් කෙරෙනු ඇත.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කළ උපරිම සිල්ලර මිලට බිත්තර අලෙවි කිරීමට සුදානම් නොමැති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 49යි ශත 50ක මුදලක් වැයවන බවත් ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති මිල ගණන් යටතේ කිසිසේත්ම බිත්තර අලෙවි කිරීමට නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම බිත්තර නිශ්පාදකයන් පෙරේදා (20 වැනිදා) අගමැති දිනේෂ් ගුණවර්ධනද හමු වී සාකච්ඡා කර බිත්තරයක මිල රුපියල් පහකින් අඩු කිරීම සඳහා තීරණයකට පැමිණි අතර ඒ අනුව අද (22 වැනිදා) සිට බිත්තරයක් රුපියල් 55කට අලෙවි කිරීමට නිෂ්පාදකයෝ එකඟ වූහ.

එසේ තිබියදී බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැටලුවක් බවද සභාපතිවරයා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් බිත්තරයක් නිෂ්පාදනයෙන් පසු දින 14ක් තුළ පරිභෝජනයට ගත යුතු වන අතර එම දින ගණනින් පසු එය පරිභෝජනයට සුදුසු නොවේ.

ඒ අනුව පාරිභෝගිකයන් බිත්තර මිලදී නොගෙන දැඩි වර්ජනයකට ගියහොත් බිත්තර නිෂ්පාදකයන්ට දැඩි බලපෑමක් සිදු වේ.

බිත්තර මිල ඉහළ දැමීමට සිදුවීම හරහා දිනකට බිත්තර අලෙවිය ලක්ෂ 20කින් අඩු වී ඇතැයිද අනාවරණය වේ.

සාමාන්‍යයෙන් දිනකට බිත්තර ලක්ෂ 65ක අලෙවියක් සිදු වන අතර මෙලෙස මිල ඉහළ දැමීමට සිදු වීම හරහා එය ලක්ෂ 45ක් දක්වා පහත බැස ඇති බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ප්‍රකාශ කරයි.

Related posts

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

colombotoday