Colombo Today Local News

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 17.0ක වාර්ෂික වර්ධනයක් සමග 2022 වසරේ පළමු භාගයේදී දර්ශකාංක 186.9 දක්වා ඉහළ ගොස් ඇති බව ය.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම වාර්ෂික වර්ධනය (සියයට 17.0) මෙන් ම අර්ධ වාර්ෂික වර්ධනය (සියයට 4.6), 2021 වසරේ දෙවන භාගයේදී වාර්තා වූ වර්ධන ප්‍රවණතාවට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසයි.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු වී ඇත.

කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩි ම වාර්ෂික වර්ධනය වන සියයට 20.6ක අගය වාර්තා වී ඇති අතර, අනුපිළිවෙලින් වාණිජ සහ නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණු බව මහ බැංකුව සිය නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

colombotoday

උතුරේ අර්බුදයට එජා සංවිධානය මැදිහත් විය යුතුයි – උතුරු සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

colombotoday

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

colombotoday

කඩුවෙලින් හමු වූ මළසිරුරේ සුළුමුල එළියට – ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Admin

පතායා වෙරළ මාර්ගයේ ශ්‍රී ලාංකික සංචාරකයාට ලිංගික අසමතුලිතතාවෙන් පහර කෑමක්

Admin