Colombo Today Local News

බියවැද්දීම්වලට අපි බය නෑ… ඕනනම් හැප්පිලා බලමු – රජයේ වෙදැදුරෝ CEPA විරෝධය ගිණියම් කරයි

cepa epa

යෝජිත ඉන්දු – ලංකා වෙළද ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඇතුළු සියලු වෘත්තිකයන් ඊයේ පස්වරුවේ කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කලහ.

විරෝධතා පෙළපාලියෙන් අනතුරුව විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී රැලියක් පැවැත්වූ අතර එහිදි අදහස් පලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා කියා සිටියේ ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතය සමග බවයි. සීපා විරෝධි රැළිය සම්බන්ධයෙන් මාධ්‍ය යේ දැන්වීමක්වත් පල කිරීමට ඉඩ නොදීමෙන් පාවා දීමේ බරපතලකම කොතරම්දැයි පෙනීයන බවත් පැවසූ ඔහු පෙන්වා දුන්නේ මේ අරගලය වෛද්‍යවරුන් වෙනුවෙන් හෝ එක්තරා වෘත්තිකයන් පිරිසක් වෙනුවෙන් නොව රටේ අනාගත දරුපරපුර වෙනුවෙන්ම වන බවයි.

විරෝධතාවය අමතමින් ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපතිවරයා කියා සිටියේ කිසිදු බියවැද්දීමකට අප යටත් කරනු බැරි බවත් ඕනනම් හැප්පිලා බලන ලෙසත්ය.

 

Related posts

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

colombotoday

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

colombotoday

ලංකාවේ සිට එංගලන්තයේ පරිගණක පද්ධති නවත්තපු හැකර්

colombotoday

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday