Colombo Today Local News

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කේලී ෆ්‍රේසර් (Kayleigh Fraser) නමැත්තිය විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා එම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කාරිය මීට පෙර සඳහන් කර ඇත්තේ, තමා ගාලු මුවදොර පැවැති ‘ගෝඨාගෝගම’ අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බව ත් පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කරනු ලැබූ බව ත් ය.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කර එය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Related posts

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

colombotoday

සිංහලයාගේ එකම රට මේ රටයි.. මේ පාලකයන්ට ඕන ඕන විදිහට වැඩකරන්න දෙන්න බෑ – අස්ගිරි මහා නාහිමි

colombotoday

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් හමු වෙයි

Admin

IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව

Admin

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin