Colombo Today Local News

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

දිවයිනේ ප්‍රදේශ රැසක සිදු කළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිවේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ පා පැදි ඇතුළු දේපොළ සොරකම් කිරීම්වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඔවුන් ජා-ඇල, බියගම, කඩවත, කැලණිය, යක්කල, මහබාගේ, කොටුව, පෑලියගොඩ, මීගහවත්ත, රාගම සහ වැලිවේරිය ප්‍රදේශවල කොල්ලකෑම්වලට සම්බන්ධ බව හෙළි වී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී ත්‍රිරෝද රථ දෙකක්, යතුරු පැදි 10 ක් සහ පාපැදි 11 ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔවුන් වැලිවේරිය, ගම්පහ සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Related posts

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

අතුරලියේ රතන හිමිගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න

colombotoday