Colombo Today Local News

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

අද (15) දිනයේ දි යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉන්ධන මිල අඩුවිය හැකි බව වාර්තාවේ.

සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරේ.

ඒ අනුව මීට පෙර අවසන් වරට ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තේය.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය ඊයේ (14) මධ්‍යම රාත්‍රීයේ සිට යළි යාවත්කාලීන කෙරුණි.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව ඉදිරියේ දී ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම මස පළමු දින සිට QR ක්‍රමවේදයට අනුව ඉන්ධන කෝටාව යටතේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබයි.

මේ අතර QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය තීරණ ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Related posts

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

කෝටි දෙකක තහනම් වල්නාශක තොගයක් මාට්ටු

Admin