Colombo Today Local News

මහින්ද රාජපක්ෂ ජැක්සන් බලන්න රෝහලට යයි

හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පෙරවරුවේ එම රෝහලට ගොස් තිබේ.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර ඇතැයි දැනගන්නට ඇත.

ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇත.

චිත්‍රපටයක රූගත කිරීම් අවස්ථාවකට සහභාගීවී නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණෙමින් සිටියදී සිය මෝටර් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 2 වැනිදා අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලැබීය.

ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකටද භාජන කෙරිණ.

Related posts

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

colombotoday

නිවස වටලතැයි අලි සබ්‍රි බියකින් – ඉල්ලා අස්වී දවසින් පැන යාමට හේතුව කියයි.

colombotoday

ෆොන්සේකාට ඇමතිකමක් දුන්නොත් විජේදාස ඉල්ලා අස්වීමට සැරසේ

colombotoday