Colombo Today Local News

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරන්නේ, මීරිගම, වාද්දුව, අක්මීමන, බලපිටිය, හබරාදූව, හම්බන්තොට, වැලිගම, කුලියාපිටිය හා වරකාපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල තවදුරටත් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරු කීට ගහනය ද ඉහළ ගොස් තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 48351 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 12441 කි.

Related posts

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

Admin

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

colombotoday

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin