Colombo Today Local News

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණි.

සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ මෙය යාවත්කාලීන කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය සතියේ ඉන්ධන ලබාගත් ආකාරයට යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුළු සියලු වාහන සඳහා ඉන්ධන ලබාදීම සිදුකෙරේ.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන පවතින බැවින් පොලිම්වල නොසිට ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සියලු පාරිභෝගික ජනතාවට දැනුම්දෙයි.

මේ අතර ට්ව්ටර් පණිවුඩක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ, QR ක්‍රමවේදය යටතේ පසුගිය සතියේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අතිශයින්ම සාර්ථක බවය.

මේ සඳහා සහාය ලබාදුන් සියලු පාර්ශවයන්ට තමන් ස්තූතිය පළ කරන බවද ඔහු සිය ට්ව්ටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.

Related posts

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

Admin

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැඟ විරෝධයක

colombotoday

රුසියානු ගුවන් යානය රදවාගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. – රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි.

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday