Colombo Today Local News

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ යටතේ විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකුල මාර්ග ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය පදනම් කර ගනිමින් ලබා දෙන තීරුබදු පහසුකම හෙවත් ඩියුටි ෆ්‍රි පහසුකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

නීත්‍යානුකුල ක්‍රමවේද ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණයෙන් 50% කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දීමට ද මේ මගින් යෝජිත ය.

Related posts

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday

Facebook අසභ්‍ය පාටියේදී ඇල්ලූ 11 දෙනකුට ඇප

colombotoday

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday