Colombo Today Local News

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය අද (1)දිනයේ සිට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

එම දෙපාර්තමේන්තු දෙක මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු හුවමාරු කරමින් ආරම්භයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවත් ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ගුණතිලක මහතා කියයි.

එම උප්පැන්න සහතිකය ලබාගත් සියලුම පුරවැසියන් වයස අවුරුදු 15 ට එළඹි පසු ජාතික හැදුනුම්පත සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ පසු උප්පැන්න සහතිකයේ සඳහන් අංකයට ජාතික හැදුනුම්පතක් නිකුත් කරන බවත් උපතේ සිට එකම අංකයකින් තොරතුරු වාර්තා සහ ගබඩා කරගැනීමට හැකියාව ලැබීමෙන් ජනතාවට පහසුවක් ඇති වන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

colombotoday

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

දේශපාලන අර්බුධය මැද විදෙස් යුධ නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday