Colombo Today Local News

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

වැඩි මිලට අලෙවි කිරීම සඳහා වැලිගොඩක සඟවා තිබූ ඩීසල් තොගයක් බේරුවල අබේපිටිය චාමර උයන ප්‍රදේශයේ නිවෙසකින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තබාගෙන අධික මිලට ඩීසල් විකුණන බවට පොලීසියට ලද තොරතුරක් මත එම නිවස වටලා ප්ලාස්ටික් බැරල්වලට පුරවා තිබූ ඩීසල් තොගය සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා සතුව කිසිම වාහනයක් නොමැති බවත් ඇත්තේ පා පැදියක් බවත් ඔහු විවිධ පුද්ගලයන්ගේ වාහන රැගෙන ඉන්ධනහල් පෝලිම් වලට ගොස් කලක පටන් ඩීසල් රැස්කර මෙම ජාවාරම කර ඇති බව කියයි.

ඉන්ධන හලේ මිලට මෙන් තුන් ගුණයක වැඩි මිලට ඩීසල් විකිණිමේ ජාවාරම කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

ඇතැම් අවස්ථාවල ඉන්ධනහල් ඉදිරිපිට මෙම පුද්ගලයා ඉන්ධන ඉල්ලා කලහකාරීව හැසිරිණු අයකු බවත් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

Related posts

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

Admin

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දෙන කජු බල්ලෙකුටවත් කන්න බැහැ – ජනාධිපති

colombotoday

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday

රනිල් ගැන පතුරුවන කතා බොරු

Admin

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 3 යි…

colombotoday