Colombo Today Local News

මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණා… කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන මට ප්‍රශ්නයක්

මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඒ අපරාධයට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු ටිවිටර් පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුව පෙන්වා දෙන්නේ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

හැට නව ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ , තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ගෙවල් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණු බවත් තමාද එසේ මහමගට වැටුණු පුද්ගලයකු බවත් ඔහු පවසයි.

කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි පැවසූ විමලවීර දිසානායක මහතා මේ අය මේ රට ගෙනියන්න හදන්නේ කොතැනට දැයි සිහි බුද්ධිය ඇති සියලු දෙනා හොඳින් දන්නා බවද සඳහන් කරයි.

Related posts

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

colombotoday

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

colombotoday

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday