Colombo Today Local News

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කරමින් ඇමැති තනතුරු ලබා ගත් එම පක්ෂ උපසභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.

මෙම උපසභාපතිරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මධ්‍යම කාරක සභාව ගත් තීරණය ක්‍රියාත්මක බව පක්ෂ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීම නිසා ය. එම නඩු කටයුතු මේ වන විට අවසන් බවත් මහාචාර්යවරයා කියයි.

පක්ෂයේ තීරණයට පටහැනිව යමින් මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමැතිධුරය භාර ගත් අතර වරාය, නාවික හා ගුවන්සේවා ඇමැතිධුරය නිමල් සිරිපාල ද සිල්වා භාර ගත්තේය.

ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් ඇමැතිවරයකු අල්ලස් ගෙන ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකින් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් තවදුරටත් ආණ්ඩුව සහය පළ කරමින් කටයුතු කරයි.

Related posts

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ගානියා ප‍්‍රැන්සිස්ට දුරකථන ලැබුනේ ආහාර පාර්සල් තුල සඟවා බවට සැකයක් – අහාර සපයා ඇත්තේ ස්විස් තානාපති කාර්යාලයෙන්.

colombotoday

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

දෙමළ අයිතිවාසිකම් සිංහලයන් තෑගි දෙන්නේ නෑ, අරගල කර දිනාගත යුතුයි. සෝල්හයිම් දෙමළ ජාත්‍යන්තරය අවුලවයි

colombotoday