Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

2021 වසරේ උද්ඝෝෂණයක නිරතව සිටිමින් අයුතු අවහිර කිරීමක් සිදු කළ බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණය අද වරෙන්තු නිකුත් කර ඇත.

ඒ එම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට වරෙන්තු නිකුත් කර තිබේ.

2021 වසරේ සිදුකළ උද්ඝෝෂණයකදී අයුතු අවහිර කිරීමක් සිදුකළ බවට සැකකරුවන්ට විරුද්ධව කොටුව පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

Related posts

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday

යහාලනය යටතේ උග්‍ර විස පොහොර ගෙනල්ලා. | එළවලු සහ පලතුරුවලත් වස විසලු

colombotoday