World

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වෙයි

ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඩ්‍රාගී මෙසේ තීරණය කළේ ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටුවූ සන්ධාන රජය බිඳ වැටුණු නිසාය.

ඩ්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගේ මැටරෙල්ලා හමුවී සිය ඉල්ලා අස්වීම බාර දුන් බව ද පැවැසෙයි. එම අවස්ථාවේදී ජනාධිපති මැටරෙල්ලා පවසා ඇත්තේ නව රජයක් පත් කරන තුරු ඩ්‍රාගී අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටින යුතු බවය. ඒ අනුව, ඩ්‍රාගී වැඩ බලන අග්‍රාමාත්‍ය ලෙස රැදී සිටිනු ඇතැයි ද පැවැසෙයි.

ඩ්‍රාගීට එරෙහිව ඉතාලි පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයට විශ්වාසභංගක් ඉදිරිපත් කෙරුණු අතර එය ද ඩ්‍රාගී පරාජය කළේය.

එසේ වුවත් සන්ධාන රජයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් කීපයක් ඩ්‍රාගීට සහාය පළ කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් තව දුරටත් ධුරයේ රැදී සිටීමට ඔහුට නොහැකි විය.

ඉතාලි සෙනෙට් මණ්ඩලය ආසන 315 කින් සමන්විතය. සෙනෙට් මණ්ඩලයේ විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වෙද්දී, ඩ්‍රාගීගේ සන්ධාන රජයට පක්ෂව ඡන්ද 95 ක් සහ විපක්ෂව ඡන්ද 36 ක් හිමිවිය.

Related posts

ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට

colombotoday

පෙම්වතා නිසා උපන් දරුවා විකුණා ඒ මුදලින් යලි කන්‍යාභාවය සදා ගැනීමට තැත් කල තරුණියට අවුරුදු 6ක සිරදඬුවම්

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin