Colombo Today Local News

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් බස් වලට තෙල් දෙන්න අලුත් ක්‍රමයක්

මාර්ග බලපත්‍ර සහිත බස්රථ සඳහා ලංගම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට අද (19)දින පැවති විශේෂ සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී ම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම දැනට අනෙකුත් පිරවුම්හල්වල ඇති බස්රථ සඳහා ඩිපෝ වෙතින් ඉන්ධන ලබාදීමටත් තීරණය කර තිබේ.

ඉදිරියේදී ප්‍රවාහන නියාමන ආයතන මඟින් බලපත්‍රලාභී සහ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස්රථ සඳහා එම බස්රථ ධාවනය අනුව ඉන්ධන කෝටාවක් ලබාදීමට ද තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.

අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් හා අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහභාගි වී ඇත.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

කොරෝනා භිතිකාව ඇමරිකාවටත්…. පළමු රෝගියා වොෂින්ටනයේ දී මිය යයි !

colombotoday