Colombo Today Local News

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟ වීම ගැන බලධාරීන්ගේ අවධානය නැහැ – දුම්රිය ස්ථානාධිපතිවරු කියයි

දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.

කොළඹ කොටුව, මරදාන, ගම්පහ, වේයන්ගොඩ සහ රාගම ආදී දුම්රිය ස්ථානවල මෙන්ම උප දුම්රිය ස්ථාන රාශියකම මේ වන විට සාමාන්‍ය ප්‍රවේශපත් අවසන් වීම මත ගැටලුවක් උද්ගත වෙමින් තිබෙන බවත් සාමාන්‍ය ප්‍රවේශපත් මුද්‍රණය කරන කඩදාසි ආනයනය කිරීමට ඉදිරියේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ස්ථානාධිපතිවරු කියති.

භාවිත කළ ප්‍රවේශපත් නැවත භාවිතා කිරීමට හැකි වන ක්‍රමවේදය යළි ස්ථාපිත කරන්නේ නම් නව ප්‍රවේශපත් මුද්‍රණය වෙනුවෙන් දරණ පිරිවැය යම් ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමේ හැකියවක් ඇති බව කියන ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් හිඟය පිළිබඳව දුම්රිය බලධාරීන් අවධානය යොමු නොකරන බව ද සඳහන් කරයි.

රජයේ මුද්‍රණාලය හරහා ප්‍රවේශ පත් නවතා එම මුද්‍රණ උපකරණ මේ වන විට දුම්රිය මූලස්ථානයේ පිහිටි මුද්‍රණ කාර්යාලයට ගෙනවිත් ඇති බවත් ඒ සඳහා මේ වන විට පුහුණු සේවකයන් මෙන්ම එම කාර්යාලීය කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයන් අනුයුක්ත කිරීමට අසමත් විම මත එහි කටයුතු මන්දගාමී වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

කළුතර සහ බේරුවල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday