Colombo Today Local News

2009 යේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් හා CS ගෑස් උද්ඝෝෂණකරුවන්ට ගහලා

පසුගිය දිනවල කොළඹ පැවති උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ සහ සී.එස්. ගෑස් යොදාගෙන ජනතාවගේ මූලික අයිතීන්ට බරපතළ හානියක් කර තිබෙන බව සඳහන් කරමින් ලබන බදාදා (ජූලි 20) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම සඳහන් කරයි.

වසර පහක කාලයක් සඳහා වලංගු වන ලෙස කඳුළු ගෑස් උණ්ඩ නිෂ්පාදනය කරන බව ත් මෙවර උද්ඝෝෂණ සඳහා 2009 වසරේ නිපද වූ කඳුළු ගෑස් උණ්ඩ යොදා ගෙන තිබෙන බව ත් එම පදනම පවසයි.

උද්ඝෝෂණවලට සම්බන්ධ වූ සිවිල් සංවිධාන සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයන්, විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන බොහෝ දෙනකුට උණ, වමනය, ඇඟපත වේදනාව ඇතුළු විවිධ අසාත්මිකතා ඇතිවී තිබෙන බව ද එම පදනම ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් බොහෝ දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ද හෙතෙම සදහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස, ගාලු මුව‍ෙදාර ආදී ස්ථානවල පැවති උද්ඝෝෂණවලට මෙම කඳුළු ගෑස් හා සී.එස්. ගෑස් එල්ල කර තිබූ බව ද එම පදනම කියයි.

මේ සතිය ඇතුළතදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා හමු වී කඳුළු ගෑස් උණ්ඩවල තොරතුරු ලබා ගැනීමට සැලසුම් කර ති‍බෙන බව ද එම පදනම සඳහන් කරයි.

කඳුළු ගෑස් උණ්ඩවල නිෂ්පාදකයන් කවුරුන් ද, ඒවා ලබාගත් කාලවකවානු කවරේ ද, කොපමණ ප්‍රමාණයක් මිල දී ගෙන තිබේ ද, පසුගිය උද්ඝෝෂණවලට කොපමණ ප්‍රමාණයක් යොදාගත්තේ ද, දැනට ඉතිරිව ඇති ප්‍රමාණය කොපමණ ද, ඒවායේ ප්‍රමිතිය කෙසේ ද ආදී වශයෙන් සියලු තොරතුරු ලබා ගන්නා බව ද එම පදනම පවසයි.

පසුගිය උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද පැවසීය.

මිනිස් ශරීරයට හානිදායක සී.එස්. ගෑස් උණ්ඩ ද පොලිසිය එල්ල කර තිබෙන බව හෙතෙම සඳහන් කළේ ය.

උද්ඝෝෂණවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට විවිධ රෝගාබාධ ඇති වී තිබෙන බව ත් කඳුළු ගෑස්වල බලපෑමක් මත එය සිදුව තිබේ දැයි සොයා බැලිය යුතු බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday

කොවිඩ් වෛරසය අසාදනය වුනොත් මේ ටික කරන්න. – රජයෙන් නව ක්‍රමවේදයක්

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

ඉන්දන මිල වැඩිකිරීමේ වගකීම ගමන්පිලට. | ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවෙන් නිවේදනයක්.

colombotoday

මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday