Colombo Today Local News

ගුවන් යානා ගෝඨාව රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඉන්දීය යානයක් ගුවනේදීම හරවයි

මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව වාර්තාවේ.

ඉන්දියාවේ සිට ගුවන්ගත වූ මෙම යානය නැවත ඉන්දියාවට ගෙන්වාගෙන ඇත්තේ මාලදිවයිනට යාමට ගුවන් ගතවී පැය භාගයකට පසුවය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ජනපති බිරිඳ එම යානයෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවාගෙන එන ලෙස නියමුවන්ට උපදෙස් දී ඇතැයි හෙළි වී තිබේ.

ජනපතිවරයාව මාලදිවයිනේ සිට සිංගප්පූරුවට රැගෙන යාමට ගුවන් යානා තුනක් පමණ සූදානම් කළද විවිධ ජාත්‍යන්තර බලපෑම් නිසා එම ගුවන් යානා ජනපතිවරයා රැගෙන යාම ප්‍රතික්ෂේප කළ බව එම වැඩි දුරටත් සදහන් වේ.

Related posts

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

සංහිදියා ඇමති, විදුලිබල ඇමති, බස්නාහිර ආණ්ඩුකාර ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට වැලිකඩට

colombotoday

කහ උණ ට එන්නත් 2000ක් මේ සතියේ දී දිවයිනට

Admin

වාහන අනයනයනයේදී බදු ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday