Colombo Today Local News

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’

මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’ යැයි ද අනුර කුමාර මහාතා සඳහන් කළේය.

නමුත් පාර්ලිමේන්තුවේ තම නියෝජිතයන් තිදෙනෙකු පමණක් බැවින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පනත් පාර්ලිමේන්තුවේ තිබෙනවා නම් ඕනෙ වෙලාවක වෙන කෙනෙකුට නැටවිය හැකි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු බවට පත්වීමේ ඉඩක් තිබෙන බව කී ජවිපෙ නායකයා එසේ වුවත් ඒ තුළ පවා තමන්ට උවමනා කණ්ඩායමක් පත්කරගන්න දෙනවා නම් ඊට සූදානම් බව කීවේය.

මීට පෙරත් කළ එම ප්‍රකාශය වෙනස් කර නොගන්නා බව ද හෙතෙම කීය.

දැන් ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බැවින් ජනතා කැමැත්ත පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගත යුතු බව දිසානායක මහතා එතෙක් නිශ්චිත කාලරාමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරෙන වගකීම් භාරගන්නට සූදානම් බව ද කීවේය.

Related posts

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

වෙඩික්කරුවෙකුට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

Admin

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

colombotoday

විදුලි බිල්පත් නිකුත් කිරීම නවතී… බිල දෙන්න අලුත් ක්‍රම 3ක්

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin