Colombo Today Local News

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

තමා කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ පොහොර තොගය නිල වශයෙන් භාර ගැනීමෙන් අනතුරුව තමා අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ය.

ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට සැපයෙන යූරියා පොහොර තොගය නිල වශයෙන් රජයට භාර දීම අද (ජූලි 10) සිදු කිරීමට නියමිත ය.

එම කටයුතු පෙරවරු 10.00ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඊ.සී.ටී. දෙක පර්යන්තයේ දී සිදු කිරීමටයි නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිත ය.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව ඊයේ (ජූලි 9) කොළඹ වරායට ළඟා වූ අතර, පොහොර ගොඩ බෑම ඊයේ දිනයේදී ම සිදු කෙරිණි.

ඒ අනුව, එම පොහොර තොගය රජයට භාර දීමෙන් අනතුරුව අද දිනයේදී ම ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් මගින් ගොවීන් වෙත බෙදා හැරීමට සැලසුම් කර තිබේ.

Related posts

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත් අදාළ පොලිස් ස්ථානයෙන්

colombotoday

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday