Colombo Today Local News

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් වෙත උපදෙස් දී තිබේ.

පසුගිය බදාදා (06)දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කර තිබිණි.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට දිනයක් ලබා දී තිබූ අතර, ඒ අනුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ත්, ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලීප් වෙදආරච්චි, නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්වූහ.

Related posts

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

colombotoday

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

ආදාහනය කලොත් ස්වර්ගස්ථ වෙන්න බාදාවක් නෑ | මුස්ලිම් සමාජයට අවවාදයක් දෙමින් රිෂාම් මරුෂ් කියයි.

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday