Colombo Today Local News

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදේශගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන් බව කී ඇමතිවරයා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වා දෙන බව ද පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ ගත ශ්‍රමිකයින්ට මේ සඳහා විදෙස් මුදල් ඒකකවලින් වාරික ගෙවීමට අවස්ථාව ලැබෙන අතර කිසියම් ශ්‍රමිකයකු දායක්තව මුදල් ගෙවමින් සිටියදී මිය ගියහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වාරික මුදල ගෙවා ප්‍රතිලාභ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමට කටයුතු කරන බව ඇමතිවරයා කීය.

රුපියල් 20,000 සිට රුපියල් 1,00,000 දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙහිදී විදේශ ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමි වේ.

Related posts

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

colombotoday

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday

Video: SLS තිබ්බට නියමිත බර නෑ… දහස් ගණන් ජිවිත අනතුරේ දමන බාල වානේ කම්බි ජාවාරම රට පුරා

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

පොලිස් කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු

colombotoday