Colombo Today Local News

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (08)දින රාත්‍රි ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි ශිෂ්‍යයෙකි.

ඊයේ රාත්‍රී 7.00ට පමණ තෙල් පෝලිමේ සිටි මිය ගිය තරුණයා ඇතුළු පිරිසට අයත් මෝටර් රථයට ඉදිරිපස තිබූ හිඩසකට තවත් මෝටර් රථයක් ඇතුළු කිරීම සම්බන්ධව දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස් වීමකින් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තාවේ.

මෝටර් රථය ඇතුළු කිරීමට පැමිණි පිරිස පසුව කඩු පොලු රැගෙනවිත් පෝලිමේ රැඳී සිටි මියගිය තරුණයා ඇතුළ පිරිසට පහර දී තිබේ.

පහරදීම්වලින් තුවාල ලැබූ මෙම තරුණයා මිය ගොස් ඇත්තේ, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

මිය ගිය තරුණයාගේ සහෝදරයා, මෝටර් රථයේ හිමිකරු සහ පහරදීමට පැමිණි පාර්ශවයේ බවට සැකකරන පුද්ගලයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තව ද මියගිය තරුණයාගේ සහෝදරයට රථයට ද පිරිස පහරදී ඇතැයි, වාර්තා වේ.

Related posts

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday

මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ආණ්ඩුව කරනවා

colombotoday

අඟුරුවාතොට අතුරුදන් වූ මවයි දියණියයි මිය ගිහින් – කැලෑවකින් සිරුරු හමුවෙයි

Admin

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday