Colombo Today Local News

“තෙල් නැව් හතක් එනවා…. මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන.”

තෙල් නැව් හතක් පමණ මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (5)දින පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

හරින් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

“මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතා වුණු දේවල්. ඩීසල් හතළිස් දාහක තොගයක් ලබන 8-9 අතර එනවා. දැවි තෙල් නැවක් 10-11 අතර එනවා. තවත් ඩීසල් නැවක් දාහතර වෙනිදා එනවා.
13-15 අතර විටොල් එකෙන් පැට්‍රෝල් එකක් එනවා. පහළොස් වැනිදා බොර තෙල් නැවක් එනවා. එදිනම ඉන්දීය තෙල් සමාගමෙන් වෙනම ඩීසල් එකක් එනවා. විසි දෙවෙනිදාත් තොගයක් එනවා.

අද විපක්ෂය කලබල වෙලා තියෙන්නේ මේ වැඩේ කරාවි කියලයි. මොකද මේක කළොත් ඒ ගොල්ලන් ඉවර වෙනවා. අපි කොහොම හරි මේක කරනවා.

මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන. හැබැයි අද කෝප් එක තියෙනවා. 70 ට තියනවනම් එකසිය විස්සට ගන්නෙ මොන පිස්සාද. අරගලයට ව්‍යසනය ගෙනැවිත් වෛරය වපුරන්න හදනවා. එහෙම කරන අයට හරි යන්නේ නෑ මේක වට්ටලා කිසිම අයෙකුට කිසිම බම්බුවක් කරන්න බැහැ. මේ වෙලාවේ අපි කවුරුත් එකතු වෙන්න ඕන. නැත්නම් මේ රට ගොඩ දාන්න අමාරුයි.”

Related posts

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Admin

සිගරට්වලට වඩා බීඩි හොදායි – ඇමති රාජිත

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

ආයුර්වේද සංශෝධන පනත ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Admin

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin