Colombo Today Local News

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

අද (05)ත් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව සිට, මීගමුව, රඹුක්කන, පොල්ගහවෙල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් 04 ක් මේ වන විට අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ පවතින ඉන්ධන අර්බුදය හමුවේ, දුම්රිය සේවකයින්ට සේවා සඳහා පැමිණීමේ ඇතිවු ගැටලු හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ, සෙසු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගෙන ඇති බවයි.

එහෙත් ඇතැම් දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව ද, පාලක මැදිරිය පවසයි.

මේ අතර, බස් ධාවනය සීමා වීම හේතුවෙන්, මගීන් දැඩි පීඩාවට පත්ව සිටී.

Related posts

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday

ගෑස් මිල යළි පහළට

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට.. ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක් !

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday