Colombo Today Local News

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

ඇඹිලිපිටිය 100 කණුව අයි ඕසී ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ තදබදයක් සහ ගැටුමක් අතරතුර ආරක්‍ෂාවට සිටි යුද හමුදා සෙබළකුගේ අත කිසියම් පුද්ගලයකු තියුණු ආයුදයකින් පහරදී කැපුම් තුවාලයක් සහිත ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

මෙම ඉන්ධන පිරවුම්හලට එදින පෙරවරුවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් බවුසරයක් පැමිණ ඇති බව පොලීසිය පවසයි.

පෝලිමේ තිබූ වාහනවලට ඉන්ධන ලබාදී ඇති අතර සවස තුනට පමණ ඉන්ධන අවසන්වී ඇති බව සඳහන් යැයි ද පොලීසිය පැවසුවේ අවස්ථාවේ ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පෝලිමේ සිටි පිරිස එකවරම ඉන්ධන පිරවුම්හල වෙත කඩාවැදී ඇත. එහිදී ආරක්‍ෂාවට සිටි යුදහමුදා සෙබලූන් කඩාවැදුණු පිරිසට මැදිවී ඇත.

ඒ අවස්ථාවේ යුදහමුදා සෙබළාගේ අත කැපී ඇති බවද පොලීසිය සඳහන් කරයි. එම සෙබළා ඇඹිලිපිටිය කදුරුගස්ආර යුද හමුදා කඳවුරට අනුයුක්තව සිටි සෙබළකු බව ද පොලීසිය සඳහන් කළේය. සෙනග අතර සිටි පුද්ගලයකු තමන්ගේ අත කැපූ බව සෙබළා රෝහලේ දී පොලිසියට පවසා ඇත.

Related posts

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday