Colombo Today Local News

“එළවන්න කලින් යනවනම් යන්න” ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි

mithrepalaශ්‍රීලනිපයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් යෝෂිත රාජපක්ෂ මහතා බැලීම සදහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් එහිදී මාධ්‍ය ඉදිරියේ රජය විවේචනය කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ලෙස උරණ වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ අදාල නියෝජ්‍ය අමාත්‍යවරුන් ගෙන්වූ ජනාධිපතිවරයා දැඩි ලෙස ඔවුන්ට දෝෂාරෝපණය කර ඇති අතර “ආණ්ඩුවේ ඇමතිකම් කරන්නයි එළියට ගිහින් බොරුවට ආණ්ඩුවට බනින්නයි දෙකක් බැහැ. මම කැබිනට් එකේදි සිරිපාලටත් කීවා” යැයි පවසා ඇත.

“ඔය කට්ටිය යෝෂිත බලලා, හොරු අල්ලන FCID යට බනිනවා. මොකක්ද මේකේ තේරුම කවුරු හරි ඉන්නවා නම් මේ ආණ්ඩුවේ ඉන්න බැරි එහෙ මෙහෙ කියව කියව ඉන්නේ නැතිව අදම අයින් වෙලා යන්න. දෙපත් නයි වගේ දඟලලා මම අයින් කරලා දානකන් බලාගෙන ඉන්නේ නැතිව” යනුවෙන් ජනාධිපතිවරයා නියෝජ්‍ය ඇමතිවරු පිරිසට බැන වැදී ඇත.

Related posts

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

හිටපු නාවික හමුදාපති CIDයට…

colombotoday

අවලෝකිතේශ්වරට ඇප

Admin

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

colombotoday

නාරාහේන්පිට රෝහලට අත් බෝම්බයක් ගෙන ආ පුද්ගලයා අල්ලයි

colombotoday