Colombo Today Local News

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරන්නේ, ඒ හේතුවෙන් රුපියල් කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වී ඇති බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත තැපැල් සේවකයින් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් සේවය හැර ගියා සේ සලකන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

කෙසේ වෙතත්, ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට තැපැල් සේවා ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහ්සපතින්දා යන දින 3 තුළ පමණයි.

Related posts

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු සභාවට

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

නඩරාජා රවිරාජ් ඝාතනයට රිමාන්ඩ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ

colombotoday

මහින්ද වසර දහයකින් කළාට වඩා සජිත් මාස දහයකින් කළා

colombotoday