Colombo Today Local News

ළමා රෝහලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල නවතී

මෑත ඉතිහාසයේ මුල්වරට රිජ්වේ ආර්යා ළමා රෝහ‌ලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල පෙරේදා (29) දිනයේදී නතර කිරීමට සිදු වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පවසයි.

රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජය විසින් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී බරපතළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මේ වනවිට සෑම රෝහලකම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවත් රෝගීන්ට අවශ්‍ය ප්‍රමණයට ඖෂධ ලබාදීමට නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

එසේම රජයේ ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට සීමා කිරීමට කටයුතු කර තිබේ.

හෘද රෝග සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවද රෝහල් බලධාරීන් සඳහන් කරයි.

Related posts

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

colombotoday

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday

තිස් වසරක යුධ ජයග්‍රහනයට වඩා අනුරගේ ජයග්‍රහනය විශිෂ්ඨයි

Admin

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday