විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (30) දිනයේදී කටාර් රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා, සමකම්කරු අමාත්‍ය ආචාර්ය අලි බින් සයීඩ් බින් ස්මයික් අල් මාරි හමු වී තිබේ.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ය.
පාපන්දු ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලාංකිකයන්ට නව රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.