Colombo Today Local News

කොන්සියුලර් සේවා සැපයීම දින තුනකට සීමා වෙයි

අද (30) සිට ජූලි 10 වැනිදා දක්වා කොන්සියුලර් අංශයේ සේවා සැපයීම, දින තුනකට සීමා කර ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් මහජන සේවා සදහා කොන්සියුලර් අංශය විවෘත කෙරෙන බවයි.

රට තුළ පවතින වත්මන් තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ද විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද මහජනතාව සඳහා විවෘත කෙරෙන්නේ, සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි.

Related posts

ඩොලරය රු.340ටම බාල්දුයි

colombotoday

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday

Video: කොරෝනා මරණ භුමිදානයට මන්නාරම කිසිසේත්ම සුදුසු නෑ. | මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday

චමල් රාජපක්ෂට රජයේ මුදල් වංචා චෝදනා

Admin