Colombo Today Local News

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

රෝහල් පද්ධතිය තුළ සැලසුම් කළ ශල්‍ය කර්ම ඇනහිටීමේ අවදානමක් හටගෙන තිබෙන බවත් එම තීන්දුව අද හෝ හෙට ගැනීමට සිදුවන බවත් වෛද්‍යවරු පවසති.

සැලසුම් කළ ජංගම ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමට සිදුවීම නිසා ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය රුධිර හිඟය බලපා තිබෙන බව ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ඒදිරිසිංහ පවසයි.

ඊයේ සහ අද දිවයින පුරා සැලසුම් කළ ලේ දන්දීමේ ජංගම කඳවුරු ගණනාවක් අවලංගු කිරීමට සිදුව තිබෙන බවත් ඊට ඉන්ධන හිඟය දැඩිව බලපා ඇති බවත් හෙතෙම පවසයි. ලේ දන්දීමේ කඳවුරු සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හා පරිත්‍යාගශීලීන්ට පැමිණීමට නොහැකිවීම කඳවුරු අවලංගු කිරීමට බලපා ති‌‌බේ. ලේ දන්දීමේ කඳවුරු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ ශල්‍ය උපකරණ හිඟයද ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමට බලපා තිබේ. හදිසි අනතුරුවලට ලක්ව රෝහල් ගත කෙරෙන පුද්ගලයන්ගේ සැත්කම්, ගැබිනි කාන්තාවන් සඳහා කෙරෙන සිසේරියන් සැත්කම් සහ පෙර සැලසුම් කළ සැත්කම් සියල්ලම ලේ හිඟයෙන් ඇනහිටීමේ අවදානමක් පවතී.

Related posts

ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළුපටි විරෝධයක්

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයි

colombotoday

“මද කිපී ලතෝනි දෙන බැළලියන්ට ගඩොල් බාගෙකින් ගසා පන්නනු”

colombotoday

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

උණුසුම පිළිබද නිවේදනයක්

Admin