Colombo Today Local News

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

රට තුළ මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර තිබේ.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු සඳහා පමණක් මාර්ගගතව වෙන්කරගත් සේවාලාභීන් සඳහා පමණක් වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල බ්‍රහස්පතින්දා දින විවෘතව තැබේ.

රියදුරු බලපත්‍ර සඳහා ලබන 1 වැනිදා දිනය සහ වේලාව වෙන්කරගත් සේවාලාභීන් ලබන සඳුදා, අඟහරුවාදා සහ බදාදා පෙරවරුවේ පැමිණීමෙන් සේවය ලබාගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා කාර්යාලයීය රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා 0707677877 (වාහන ලියාපදිංචි කිරීම සහ පැවරීම) සහ 0707677977 (රියදුරු බලපත්‍ර) යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකි බවත් කාර්යාලයීය රාජකාරි වේලාවෙන් පසුව Whatsapp/Viber/SMS පණිවුඩ ඔස්සේ කරුණු විමසිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

මෙක්සිකෝවේදී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවේ

Admin

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

Charith Sankalpana