Colombo Today Local News

ඉරාජ් වීරරත්න, රහත් වුනායැයි කියන සිරිධම්ම හිමිගේ ගෝලයෙක් ?

iraj_siridhamma

ඉරාජ් වීරරත්න නිර්මාණය කල ගීත කිහිපයක් මෑත කාලීනව ආන්දෝලනාත්මක කතාබහක් සමාජය තුල නිර්මාණය කළා. මීට සති කිහිපයකට පෙර එළිදැක්වුණු “මං සිල් බිදගත්තේ” ගීතය සදහා සිපගැනීමේ දර්ශන සමග නිර්මාණය වුනු වීඩියෝව සම්බන්දයෙන් ඇතිවුණු කතාබහ මැකී යන්නට පෙර ඔහු එළිදැක්වූ “මනුසතා” ගීතය තුලින් මුස්ලිම් අන්තවාදයට පහර ගැසීමක් වගේම බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් සිදු කරන මුස්ලිම් අන්තවාදී  විරෝධී ක්‍රියා යම්තාක් දුරකට හෑල්ලු කිරීමකට ලක් කල බවයි විචාරකයන් පවසන්නේ.

මේ අතරතුර දැනගන්නට ලැබෙන්නේ තමා රහත් වුනු බව පවසන සිරිධම්ම හිමි සහ ඉරාජ් වීරරත්න අතර සමීප සබදතාවයක් පවතින බවයි. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුමන හෝ මොහොතක සිරිධම්ම හිමිට විරුද්ධව කටයුතු කරනු ඇතැයි කලක පටන් පවතින සැකය හේතුවෙන් කල්යල් බලා සියුම් ලෙස ඥානසාර හිමි වටා ඇති බලවේග අඩපන කරලීමේ කුමන්ත්‍රණයක එක් කොටසක් ඉරාජ් ඉටුකරන බවයි බොදුබල සේනා සංවිධානයට හිතවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මීට කලකට පෙර ඉරාජ් නිර්මාණය කල ගීතයකට සිරිධම්ම හිමි සහ ඉරාජ් රැගුමෙන් දායක වන වීඩියෝව පහතින්…..,

මනුසතා නම්වූ ගීතය ….

[mom_video type=”youtube” id=”6jnCb7_chRY”]

-එස් කස්තුරිආරච්චි –

Related posts

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday

කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනී

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Admin

පැහැදිලි හා දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කල ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

colombotoday