Colombo Today Local News

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කර අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

ප්‍රදේශ කිහිපයකදී බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කර, වැඩි මිලට අලෙවි කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාවතගම, පරගහදෙණිය, මාස්වැව, වෑඋඩ හා වැලිකුඹුර යන ප්‍රදේශවලදී නීති විරෝධීව ඉන්ධන ගබඩාකර, වැඩිමිලට අලෙවි කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී ඩීසල් ලීටර් 315 ක් සිය භාරයට ගත් බවයි.

මඩකලපුව, සන්දිවේලී ප්‍රදේශයේදී නීති විරෝධිව ඉන්ධන ගබඩා කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 550 ක් හා භුමිතෙල් ලීටර් 258 ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

මේ අතර දිඹුලපතන කොටගල ප්‍රදේශයේදී ඉන්ධන ගබඩාකර සිටි සැකකරුවෙකු ඩීසල් ලීටර් 1100 ක් සමග සිය භාරයට ගත් බව පොලිසිය පැවසී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේ අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට නීතිපති හිග වැටුප් ගෙවයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.

colombotoday

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

Admin

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

Admin