Colombo Today Local News

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම නිසා පවුලේ පිරිස සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමර‍කෝන් වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු හක්කපටස් පුපුරා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 වැනි වියේ පසු වූ දිලිප් චාමර නම් එක්දරු පියෙකි.

ඔහු පවුලේ අය සමග සමරකෝන් වැව ආසන්නයේ ඇති වන භූමියට ගොස් ඇත්තේ ආහාර පිසීම සදහා දර කඩාගෙන ඒමටය.

දර කඩමින් සිටින අතර මිය ගිය අයගේ බාල සොහොයුරා කැලයේ තිබු ගුලියක් වැනි යමක් දැක එය අහුලා වැඩිමහල් සහෝදරයට දී ඇති බවත් ඉන් අනතුරව එම ගුලිය කුමක්දැයි මිය ගිය තරුණයා පරීක්ෂා කරනවාත් සමගම එය පිපිරී ඇතැයි පොලීසිය සදහන් කරයි.

හක්ක පටස් ගුලිය පිපිරීමත් සමඟම දිලිප් චාමර තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.මිය ගිය දිලිප් චාමර ධීවරයෙකු බවත් ඔහු ඊයේ(26) දින මුහුදු ගොස් නිවසට පැමිණි අයෙකු බවත් පෙලීසිය කියයි.

හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශය වන අලි බහුලව වෙසෙන ප්‍රදේශයක් වන අතර එහි වෙ‍සෙන සමහර වගාකරුවන් වන අලින් මරා දැමීම සදහා හක්ක පටස් වන භූමිය තුළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Related posts

භික්ෂූන් වහන්සේලා තොග පිටින් සිරගත කිරීම පිටුපස බොදු විරෝධී දේශපලකයින්

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලීට එරෙහි නඩුව විභාගයට ගැනීම දෙසැම්බර්

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

colombotoday

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

කැසිනෝ මුදලාලිගෙන් ප්‍රධාන පුරවැසියෙක්ට මිලියන 122 ක්

colombotoday