Colombo Today Local News

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

දින 05 ට ආසන්න කාලයක් ඉන්ධන පෝලිමේ සිටියත් තමාට ඉන්ධන නොලබුන බව පවසාත් අවුරුද්දකට ආසන්න තම වගාවන් ඉන්ධන නොමැති කමින් ජල මෝටර මගින් ජලය ලබා දීමට නොහැකිව මිය යමින් තිබෙන බවත් පවසා මැදවච්චිය නගරයේ ඉන්ධන හල ආසන්නයේ පිහිටි සියඹලාගහකට නැග ගොවි මහතෙකු මාරාන්තික විරෝධතාවක පසුගිය 24 වෙනි දින සවස නිරත වුණි.

වයස අවුරුදු 65 ක් පමන වන මෙම ගොවි මහතා දින 5ක් ඉන්ධන ලබා ගැනීමට පැමිණි බවත් ඔහුට ඉන්ධන නොලබුන බවත් පවසා මෙසේ විරෝධතාවයේ නිරත වුහ.

ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳ මැදවච්චිය පොලිසිය දැණුවත් කළ අතර එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම එම විරෝධතා කරු ගසෙන් බසවා ගැනීමට විවිධ උත්සහයන් දැරූ අතර එය නිෂ්පල වූහ.

අනතුරුව ප්‍රදේශ වාසීන් සහ පුද්ගලික ඇගලුම් කම්හලක නියෝජිතයින් පිරිසක් පැමිණ එම ගොවි මහතාට ඉන්දන ලබා දී විරෝධතාවය නවතා ලීමට කටයුතු කළේය.

මැදවච්චිය-ගයාන්

Related posts

බැසිල් හා සිරසේ සංඛ්‍යාත හොරකම

colombotoday

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

colombotoday

මියන්මාර් නියෝජිත පිරිසක් ඥාණසාර හිමි හමුවෙයි !

colombotoday

මහා සංගරත්නයේ නියෝගයට අගමැති කිපෙයි.. මාධ්‍යටත් අභියෝග කරයි (Video)

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday