Colombo Today Local News

සහල් වෙළෙඳුන් 22කට මිලියන 3.2ක දඩ

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 186ක් සහ මිල ප්‍රදර්ශනය නොකර සහල් අලෙවි කිරීම, සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ වෙළෙඳුන් 479 දෙනෙකුට නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ, ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර ඇති බවයි.

එමෙන්ම එම වැරදි සම්බන්ධයෙන් නඩු පවරා වැරදිකරුවන් වූ 22කට රුපියල් මිලියන 3.2ක පමණ දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය තොග හා සිල්ලර වෙළෙඳුන්ට දැනුම්දෙන්නේ උපරීම සිල්ලර මිලට අනුකූලව සහල් අලෙවි කළහැකි පරිදි සහල් මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදුකරන ලෙසයි.

Related posts

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday