රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා, හොරකම් කරන ලද භාණ්ඩ සමග 60 හැවිරිදි පුද්ගලයෙක් සහ 57 හැවිරිදි ඔහුගේ බිරිඳ බදුල්ල පොලිසිය විසින් අද (23)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ල පහලවත්ත පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී සොයාගන්නා ලද මෙම හොරබඩු අතර වෙළඳසැල් වලින් හා නිවාස වලින් සොරකම් කරන ලද, ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප්, විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්ර. කැරොකේ සෙටප් , සෙරෙප්පු , හා සංගීත භාණ්ඩ ඇතුළත්ය.
පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, මෙම අඹුසැමි යුවල මත්ද්රව් ලබා දෙන බව පවසමින් තරුණයන් මෙම හොරකම් සඳහා යොදවා ඇති බවයි.