Colombo Today Local News

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් එවනු ලැබ ඇත.

මෙම ලිපිය රුසියානු තානාපති යුරි මැටෙරි විසින් ඊයේ(21)දින හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසට පැමිණ භාර දෙනු ලැබ තිබේ.

එරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමතයට පත් කිරීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදි. එම ලිපියෙන් ඔහු ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත්. එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ය.

රුසියානු ජනාධිපතිවරයා ඉහත ලිපිය එවා ඇත්තේ ඊට පිළිතුරු වශයෙනි. එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව හිටපු ජනාධීපතිවරයා තානාපතිවරයාට දන්වා ඇත.

Related posts

රිලවුන් රට පටවන යෝජනාව යලි

Admin

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

colombotoday

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

colombotoday

ඥානසාර හිමිට එරෙහි ප්‍රකාශ අඩංගු CD තැටි 25ක් සමග මුස්ලිම් ජාතිකයකු කොළඹදී අත්අඩංගුවට

colombotoday

මිත්තනියට ප්‍රතිඵල කියන්න ගිය A-9 ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

Admin