Colombo Today Local News

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

කැකණදුර මොටාගෙදර දොලහේන වත්තේ සරුංගල් යැවීම සදහා මිතුරකු සමග ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය කියයි.

පාදයකට තුවාල සිදු වීම නිසා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ තල්පාවිල මහ විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔහු මිතුරකු සමග අදාල වත්තට ඇතුළු වී සරුංගල් යවා තිබෙන බව කියති.

ඒ සමගම මුරකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම අවස්ථාවේ දී මිතුරා පැන ගොස් තිබෙන අතර කකුලට තුවාල වු සිසුවා හෙමින් සීරුවේ නිවසට ගොස් ඇත.

පසුව දෙමාපියන් විසින් ඔහු මාතර මහ රෝහල වෙත රෑගෙනවිත් ඇතුලත් කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් 61 හැවිරිදි මුරකරු පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ බියවැද්දීම සඳහා අහසට වෙඩි තැබූ බවයි.

කෙසේ වෙතත් පාසල් සිසුවාට වෙඩි වැදී තුවාල සිදු වී ඇත්ද නැතහොත් වෙනත් ආකාරයකින් තුවාලයක් සිදු වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සදහා ඔහු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

තනතුරු බෙදන්න ගොස් සිරිකොතේ අලි වලි! රනිල්ගේ ඇරඹුමම කඳුලක්ද?

Charith Sankalpana

නීතිවිරෝධීව මෙරටට ආ ඉන්දීය තරුණයෙකු නිරෝධායනයට

colombotoday

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

කාසියේ වාසිය ලංකාවට

Admin