Colombo Today Local News

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

වයස අවුරුදු පහට (5) අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්‍රවීමට හේතුවක් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

මෙරට ළමුන් ලක්ෂ දාහකට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවන බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශක බිස්මාර්ක් ස්වංගින් විදෙස් මාධ්‍යයකට ප්‍රකාශ කරයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් දහයකින් හතක්ම ආහාර ගැනීම අඩුකර ඇති බවට දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව වේල් තුනක් ආහාර ගත් පවුල් එය දෙකකට අඩුකර ඇති අතර වේල් දෙකක් ආහාර ලබාගත් පුද්ගලයන් එය එකක් දක්වා අඩුකර තිබේ.

මේ අතර යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන විසිපහක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.

Related posts

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

රාජ්‍ය ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday