Colombo Today Local News

“ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දෙන්න CEYPETCO එකට බෑ”

ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දීමට සිපෙට්කෝ ආයතනයට නොහැකි බව ත් අයි.ඕ.සී. වැනි තවත් සමාගම් කිහිපයක් සඳහා ඉන්ධන බෙදා හැරීමට අවසර ලබා දීමට කටයුතු කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ෂෙල්, කැල්ටෙක්ස් වැනි ඉතිහාසයේ අප රට තුළ පැවැති සමාගම් මෙන් ආයතන නැවත පිහිටුවීමට අවශ්‍ය බවත් ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව ත් විජේසේකර මහතා කීය.

ඉන්ධන ඒකාධිකාරියක් පිහිටුවීමට රජය ගනු ලැබූ වැරදි තීරණ හේතුවෙන් මෙම සමාගම් රටෙන් ගිලිහී ගිය හෙයින් සිංගප්පූරුව වෙත වාසිදායක වූ බව අමාත්‍යවරයා ඊයේ (ජූනි 19)දින බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ය.

ලංකාවේ මුදල් භාවිත නොකර තෙල් බෙදා හැරීමට හැකියාවක් තිබෙන ලෝකයේ විවිධ සමාගම්වලට මේ අවසරය ලබා දෙන්නට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේ ය.

මෙම අවසරය දෙනු ලබනුයේ එක් කොන්දේසියක් මත බව ත් එහිදී වසරක කාලයක් ණය ක්‍රමයක් යටතේ තෙල් ගෙන ඒමට හැකි ආයතනයක් ලෙස සහතික විය යුතු බව ත් අමාත්‍යවරයා සදහන් කළේය.

Related posts

සම්බා, නාඩු සහල්වලට අද මැදියම් රැයේ සිට උපරිම මිල සීමාවක් !

colombotoday

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි

colombotoday

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday