Colombo Today Local News

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දිවයින තුල විසිරී පවතින බන්ධනාගාර ආයතනවල බන්ධනාගාරගත රැදවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය යාවත් කරමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් මෙවරද හෙට (14) දින පොසොන් පුරපසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර තුල වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

ඒ අනුව, ශීල ව්‍යාපාර, ධර්මදේශණ, ධර්ම සාකච්ඡා, බන්ධනාගාරගත රැදවියන් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ඝණයේ රැදවියන් සදහා ශීල ව්‍යාපාර වැඩසටහනක් සංවිධානය කර ඇත. මේ සදහා විශේෂ ඝණයේ රැදවියන් 20 ක් පමණ සහභාගී වීමට නීයමිත බව බන්ධනාගාර කොමසාරිස් (පාලන/ පුනරුත්ථාපන / මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටී.

Related posts

සමීක්ෂණ වාර්තාවලින් සිරස ඇද වැටෙද්දී LMRB සමීක්ෂණ ආයතනයට මහරජා තර්ජනය කරයි

colombotoday

රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. වීඩියෝ සාක්ෂි මෙන්න

colombotoday

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

colombotoday