Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අදාලව පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත, විධිමත් ක්‍රමවේදයක් නොමැති බව අනාවරණය වී තිබේ.

ඒ, පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති වාර්තාවක් අනුවයි.

පොලිස්පතිවරයා අදාල වාර්තාව කොමිසම වෙත යොමු කර තිබෙන්නේ දිවයිනපුරා පොලිස් ස්ථාන 182 ක් සඳහා දේශපාලන නිර්දේශය මත ස්ථානාධිපතිවරුන් පත් කිරීම පිළිබඳව රාජ්‍ය ‍සේවා කොමිසම කර ඇති විමසිමට ප්‍රතිචාර ලෙසය.

‍ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නිශ්චිත විධිමත් ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හමුවේ විවිධ හේතු සහ බලපැම් මත ඇතැම් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුවන බව පොලිස්පතිවරයා යොමු කර ඇති වාර්තාවෙන් පැහැදිලි බව බව රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

ඒ අනුව, නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් සකස් කර එවන ලෙසට කොමිසම කළ දැනුම් දීම අනුව යෝජනාවක් පොලිස්පතිවරයා කොමිසම වෙත යොමු කර තිබේ.

රාජ්‍ය සේවා ‍කොමිසම සඳහන් කළේ පසුගිය සතියේ රැස්වූ සිය කොමිසම පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති අදාල යෝජනාව සලකා බැලීමට ලක් කළ බවයි.

ඊට අදාල සංශෝධන එක් කිරිමෙන් පසුව ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ නිශ්චිත සහ විදිමත් ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි එම කොමිසම පැවසුවේ ය.

මේ අතර පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පල කිරිමට රාජ්‍ය ‍සේවා කොමිසම තීරණය කළ බව නිව්ස්ෆස්ට් කළ විමසිමකදි එම කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

Related posts

එන වසරේ පටන් පාසල් නිල ඇඳුම රජයෙන් නෑ… ඒ වෙනුවට අමුතු වැඩක් කරන්න හදයි

colombotoday

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

Admin

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී…

Admin

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අසාද් සාලිට රැඳවුම් නියෝග.

colombotoday