Colombo Today Sports Newsfeatured

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

ඔස්ට්‍රේලියාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ඊයේ ( 11) විශිෂ්ට ලෙස ජය ගත්තේ ය.
ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 6 ක් පමණක් දැවී ජයග්‍රහාහී ඉලක්කය පසු කළේ ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 25 කින් ලකුණු 54 ක් රැස් කරමිනි.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176 කි.

නායක ඒරන් ෆින්ච් ලකුණු 29 කට දැවී ගියේ ය.

ඩේවිඩ් වෝනර් ලකුණු 39 යි.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 37 ක් සහ මැතිව් වේඩ් නොදැවී ලකුණු 13 න් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගත් අතර වනිඳු හසරංග සහ ප්‍රවීන් ජයවික්‍රම එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සමගින් පැතුම් නිස්සංක.

පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 15 කට දැවී ගියේ ය.

චරිත් අසලංක ලකුණු 26 යි.

පැතුම් නිස්සංක ලකුණු 27 කට දැවී ගියේ ය.

Related posts

කොවිඩ් නම් පුච්චන්න. කොවිඩ් නැත්නම් වලලන්න. | අලි සබ්‍රි ඕනෑවට වැඩි. මේ ආණ්ඩුව තනියෙන් කනවා. | ඥානසාර හිමියෝ කියති.

colombotoday

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිගන්නේ නෑ. ජනපතිගෙන් කතානායකට ලිපියක්. කතානායකගේ වගකීමත් මතක් කර දෙයි

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයි

colombotoday