Colombo Today Local News

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම කේන්ද්‍රයේ සාමාජික රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

එහි දැක්වෙන්නේ, පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඉදිරිපත් වන අපේකෂක්යෙකු, ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු නාම යෝජනා භාර දීමෙන් පසුව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු වන බව ය.

2015 සහ 2020 මහ මැතිවරණ දෙකේදී ම, නාම යෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද අපේක්ෂක හැඳුනුම් පත ලබානොදුන් අතර, අනෙකුත් වරප්‍රසාද සියල්ල අහිමි කළ බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, මෙවර ද පූර්වගාමීන්ගේ කාර්ය පටිපාටිය මැතිවරණ කොමිසම අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු සිය ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට යොමු කළ ධම්මික පෙරේරා මහතාගේ නම එම කොමිසම විසින් පිළිගනු ලැබූ අතර ඒ අනුව එය ගැසට් කිරීමට අනුමැතිය ලබා දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

නැති ලෙඩක් පෙන්වා අර්ජුන් ඇලෝෂියස්ට රෝහල් සැප දීමේ සැලසුමක්..

colombotoday

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday

අදත් පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදුවක්

colombotoday

කසල කළමනාකරණය අධ්‍යනයට ලොක්කො රට සවාරියේ.. රටේ ඉහළම තැනත් කුණු ගදින් පිරේ (Photo)

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday